

මංගලාරාම අසපුව ආධ්‍යාත්මික නිර්වාණයේ මංපෙත...!
ආරම්භය: ශ්‍රී සරණංකර නාහිමියන්ට උපහාරයක් වශයෙක් නම යොදා ඇත. ළමුන් 9 දෙනෙකුගෙන් යුක්තව 1959 දී ඇරඹින. එහි ආරම්භක ප්‍රධානාචාර්ය පූජ්‍ය දිවුලපිටියේ විමලරතන හිමියන්ය.
ලියාපදිංචිය: 1960 – 05 – 30 දින අංක කො/518 යටතේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේද අංක කො/2904 යටතේ කොළඹ තරුණ බෞද්ධ සංගමයේද සිදුවී ඇත. ඉදල්ලවල පාලම අසල සුදෝසුදු බුද්ධ ප්‍රතිමාව තනා බෝධි රාජයා අබියස ඉදිකර පූජා කළේ ව්‍යාපාරික ඩබ්ලිව්. සෝමපාල මයා 1970 - 12 - 22 දින මංගලාරාමයටය.
පූජ්‍ය විමලරතන හිමි: 1921-04-02 දින මගලේගොඩ දී උපන් හිමියන් පැවදි වී ඇත්තේ 1940-04-02 දින වන අතර 1943-12-13 දින අධි ශීලයට පත්විය. මංගලාරාමයේ ප්‍රථම විහාරාධිපතියි.